Beauty
ෆෙස් වොෂ් නිතරම ගානවාද එහෙනම් පරිස්සමෙන් ඔබේ සම දැනටමත් අනතුරක
අද වන විට වෙලදපොල තුල විවිධ ෆෙෂ් වොෂ් වර්ග දැඩිසේ ආකමණය කරගෙන අවසන්. ඒ නිසාම මේ වෙනකොට සමාජයේ බොහෝදෙනා මෙවැනි සබන් වර්ග හා ෆෙෂ් වොෂ් වැනි දේ නිතර භාවිතා කර මුහුණ සෝදන්නත් පටන් අරන්. එත් මේ විදියට ත්ජැඅ්ිය වලින් නිතරම මුහුණ සෝදන්න නම් හොද නෑ කියලයි වෛද්‍යවරු කියන්නේ
බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය මේ සම්බන්ධව විශාල උනන්දුවක් ද දක්වනවා. මේ වෙනකොට කෙතරම් ඔවුන් මීට ඇබ්බැහි වෙලාද කියනවා නම් කාර්යාලවල රාජකාරී වෙලාව අතරතුර තුන් හතර වතාවක් මේ විදිහට විවිධ සේදුම් කාරක යොදාගෙන මුහුණ හෝදනවා. අපි කවුරුත් පිරිසුදුවට, ප්‍රසන්නව ඉන්න වුවමනා වෙනවා වගේම දිනකට වරක් දෙවරක් මුහුණ සේදීම ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ත්ිැඅ්ිය බෝතල් වල ගහලම තියෙනවා දිනකට දෙවරක් පමණක් භාවිතා කරන්න කියලා. එසේ උපදෙස් දී තිබියදීත් නිරන්තරව ෆෙෂ් වොෂ් යොදා තෙල් ඉවත් වන්නට යැයි කියමින් මුහුණ සේදීම සෞඛ්‍ය අතින් කෙතරම් අයහපත් දැයි මේ ලිපියෙන් විමසා බලමු.
ස්වභාවිකවම අපගේ ශරීරයේ යම් තෙතමනයක් පවතිනවා. ඒ වගේම ඉන් යම් ප්‍රමාණයක් ස්වභාවිකවම වාෂ්ප වීමක් ද සිදු වෙනවා. එම වියළීම ඕනෑවට වඩා සිදු වුණොත් එමගින් සම වියළීමකට ලක් වෙනවා. ඒ නිසා සමේ ඇති තෙත මනස ආරක්ෂා කර ගැනීම වැදගත්. එම කාර්යයේදී සමේ ඇති ස්නේහස්රාවී ග්‍රන්ථි මගින් විශාල සහයෝගයක් ද හිමි වෙනවා. මෙම ස්නේහස්රාවී එසේත් නැත්නම් තෙල් ග්රන්ථිවලින් ඇති කරනු ලබන තෙල් ස්වභාවය සම මතුපිට තෙතමනය ආරක්ෂා කළත් අනවශ්‍ය ආකාරයට ෆෙෂ් වොෂ් වැනි සේදුම් කාරක භාවිතා කර වැඩි වාර ගණනක් සේදීමෙන් එම තෙල් ස්වභාවය ඉවත් වී යා හැකියි. මේ සිදුවීම දිගින් දිගටම සිදු වීමෙන් සම මතුපිට තෙල් ගතිය ඉවත් වී සම වියළීමට ලක්විය හැකියි. සම වියලිම තුලින් ඔබව අවලස්සන කරන අතර සමේ නිරෝගී භාවය නැති වෙලා ඔබව අපහසුතාවයට පත් කරාවි
ඒ නිසා ෆෙස්වොෂ් වැනි දේ නිර්දේශිත වාර ගණන ඉක්මවා නිරන්තරව මුහුණ සේදීමට භාවිතා කිරීම නම් එතරම් නුවණට හුරු වන්නේ නැහැ.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks